ඔයාගේ බිස්නස් එකත් ප්‍රයිවට් ලිමිටඩ් එකක් ලෙස රෙජිස්ටර් කරගන්න

ඔයත් ඔයා අලුතින් පටන් ගන්න හිතන් ඉන්න බිස්නස් එක හරි දැනට කරන් යන බිස්නස් එක හරි ප්‍රයිවට් ලිමිටඩ් එකක් විදියට රෙජිස්ටර් කරගන්න. ටැක්ස් අඩුවෙන් ගෙවන එකේ ඉඳලා ඔයාගේ පෞද්ගලික දේපල ව්‍යාපාරයෙන් වෙන් කරලා ආරක්ෂා කරගන්න එක දක්වා වාසි ගොඩක් මේකේ තියෙනවා

දැන් ලියාපදිංචි කරන්න
Man in a rocket
Man in a rocket

හිතන්නකෝ ඔයාගේ බිස්නස් එක ඔය ප්‍රදේශීය ලේකම් කාර්යාලය හරහා තනි පුද්ගල හරි හවුල් ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කළා කියලා. මෙහෙම කළාම තියෙන ලොකු රිස්ක් එකක් තමයි ඔයා බිස්නස් වැඩ කරද්දී පෞද්ගලිකව වගකීමක් දරන්න සිද්ධ වෙන එක. ඒ කිවුවේ ව්‍යාපාරයට ණය ගෙවා ගන්න බැරිවුනොත්, බංකොලොත් වුනොත්, ලොකු දඩයක් ගෙවන්න වුනොත් ඒවා ඔයාගේ ගෙවල් දොරවල් විකුණලා හරි ගෙවන්න වෙනවා. නමුත් ඔයා ප්‍රයිවට් ලිමිටඩ් එකක් නම් කරන්නේ ඔයාගේ පෞද්ගලික දේපල ආරක්ෂිතයි. මෙහෙම වෙන්නේ නීතිය ඉදිරියේ ඔයයි ව්‍යාපාරයයි දෙන්නක් කියල සළකන නිසා.

තනි පුද්ගල ව්‍යාපාරයකට දැන් තියෙන ටැක්ස් රේට් යටතේ සීයට විසි හතරක් දක්වා ටැක්ස් ගෙවන්න සිද්ධ වෙන්න පුලුවන්. නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ගණයට වැටෙන ප්‍රයිවට් ලිමිටඩ් කම්පනියකට ගෙවන්න වෙන්නේ සීයට දාහතරක් වගේ අඩු ටැක්ස් එකක්. ඉතින් ඔයාගේ ව්‍යාපාරය දියුණු වේගන යද්දී මේක ලොකු ඉතිරියක් වෙන්න පුලුවන්.

Man in a rocket
Man in a rocket

ඔයාගේ බිස්නස් එකට තව සල්ලි ටිකක් ඕනි නම් ඔයාට ඔයාගේ පවුලේ අයට, යාලුවන්ට හරි කාට හරි කතා කරලා එයාට බිස්නස් එකේ ශෙයාර්ස් ඉශූ කරන්න පුලුවන්. ඉතින් මේක හරිම ලේසි සහ ඉන්ටරෙස්ට් ගෙවන්න වෙන බෑන්ක් ලෝන් එකකට වඩා ගොඩක් වාසිදායකයි. ශෙයාර්ස් ගන්න එක්කෙනාටත් විස්වාසයෙන් යුතුව ඉන්වෙස්ට් කරන්න පුලුවන් නිසා. සල්ලි දෙන්න පැකිලීම අඩුයි.

ඔයාගේ කස්ටමර්ස්ලා, බැංකු ඒ වගේම සප්ලයර්ස්ලා වගේ පාර්ශව වත්කම් වගකීම් තමන්ගෙම නම යටතේ පවත්වාගෙන යන ප්‍රයිවට් ලිමිටඩ් බිස්නස් එකක් එක්ක වැඩි විස්වාසයකින් කටයුතු කරන්න පෙලඹෙනවා. බිස්නස් රෙජිස්ට්‍රේශන් එකත් ඉතින් වයින් වගේ තමයි. පරණ වෙන්න වෙන්න හොඳයි, පිළිගැනීම වැඩියි. ඒ නිසා බිස්නස් එක පටන්ගන්නෙ පොඩියට උනත් කම්පනි රෙජිස්ට්‍රේශන් එකකට මුලින්ම යන එක හොඳයි.

Man in a rocket
Man in a rocket

ඔයාගෙ බිස්නස් එක කම්පනි එකක් විදියට රෙජිස්ටර් කළාම නැවත ඒ නමින්ම වෙන කම්පනි රෙජිස්ටර් කරන්න බැහැ. ඉතින් මේකත් ලොකු වාසියක්. හැබැයි. ඔයාගේ බිස්නස් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් මේකෙන් කවර් වෙන්නේ නැහැ ඒවා වෙනම ට්‍රේඩ්මාර්ක් විදියට රෙජිස්ටර් කරන්න වෙනවා.

මගේ බිස්නස් එකට ප්‍රයිවට් ලිමිටඩ් රෙගිස්ට්‍රේශන් එකක් අවශ්‍යද? මේක ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්ණයක්. ඉතින් මේකට උත්තරේ තම්යි ඔයාගේ බිස්නස් එකේ අරමුණු සහ ඔයාගේ පෞද්ගලික අවදානම් දැරීමේ සූදානම අනුව මේක වෙනස් වෙනවා. දිගටම පවත්වාග්න ගිහින් ටිකෙන් ටික ප්‍රමාණය විශාල කරගන්න අරමුණක් නැති ඉතා කුඩා ව්‍යාපාර සහ තමන්ගේ පෞද්ගලික වත්කම් වලට ව්‍යාපාරයෙන් එන අවදානම දරන්න පුලුවන් අයට හැරුණම අනිත් හැම ව්‍යාපාරයකටම සමාගමක් විදියට ලියාපදිංචි වෙලා බිස්නස් කරන එකෙන් උඩ තියෙන වාසි අත්පත් කරගන්න පුලුවන්.

Man in a rocket
Man in a rocket

ගොඩක් අය අතරෙ පැතිරිලා තියෙන මිත්‍යා මතයක් තමයි කම්පනි එකක් රෙජිස්ටර් කලාම ගොඩක් ලොකු වියදම් යනවා කියල ඒක නඩත්තු කරන්න. ඒ මතය වැරදියි. මේ සඳහා බොහොම අඩු මුදලක් තමයි යන්නේ

තනි පුද්ගල/හවුල් ව්‍යාපාරයකට සාපේක්ශව ප්‍රයිවට් ලිමිටඩ් එකක් ලියාපදිංචි කළාම වෙනම අනිවාර්යෙන් වාර්ෂිකව දරන්න වෙන වියදම් වෙන්නේ කම්පනි සෙකට්‍රි ෆී එක (සාමාන්‍යයෙන් රුපියල් දහ දාහක් විතර ) සහ වාර්ෂික වාර්තාව ලියාපදිංචි කිරීමේ ගාස්තු (රුපියල් හය දාහක්) විතරයි.

මෙකට අමතරව ටැක්ස් සහ බුක් කීපින් වලට යම් ගාණක් යනවා. ඒවා ඉතින් තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයකටත් අදාලයි. ගනුදෙනු ප්‍රමාණය ගොඩක් අඩු නම් මාසිකව බුක් කීපින් කරන්න වෙන්නේ නැහැ. නමුත් ඕනෑම බිස්නස් එකක් කරද්දී හැම ගනුදෙනුවකම සටහන්, වාර්තා සහ ඉන්වොයිසස්, ඇග්‍රිමන්ට්ස් වගේ දේවල් ඉතා නිවැර්දිව සහ පිළිවෙලට තියා ගන්න ඕනේ.

කම්පනි එකක් රෙජිස්ටර් කරන්න යන්න වෙන්නේ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවට. පලවෙනියන්ම නමක් තෝරගෙන ඒ නම අනුමත කරවගන්න ඕනේ මේක eroc.drc.gov.lk කියන වෙබ් අඩවියෙන් කරන්න පුලුවන්. ඊලගට Form1 (අයදුම්පත), Form 18 (අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත), From19 (ලේකම්වරයාගේ කැමැත්ත), සහ සමාගම් ව්‍යවස්ථාව නිවැරදිව පිළියෙල කරලා සබ්මිට් කරන්න ඕනේ. ඒවාගේ අඩුපාඩු නැත්නම් ඔයාට සමාගම් ලියාපදිංචි අංකය ලබා ගන්න පුලුවන්. ඊට පස්සේ සමාගමේ ඉදිරි වැඩකටයුතු වලට අවශ්‍ය ආකාරයට Form1, Form18, ව්‍යවස්ථාවේ පිටපත් ලබා ගැනීම සහ අවශ්‍ය සීල් සාදාගැනීම කරන්න ඕනේ.මේකට අමතරව මෙහෙම සමාගමක් ලියාපදිංචි කළා කියලා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාශා තුනෙන්ම පුවත්පත් දැන්වීම් සහ ගැසට් නිවේදනයේ දාන්න ඕනේ. සීල් වලට ඇරෙන්න මේ ටිකට රජයේ ගාස්තුව රු. 15,000 ත් 20,000 ත් අතර ගාණක් යන්න පුලුවන් (අධ්‍යක්ෂකවරුන්ගේ ගණන අනුව).

ඉතින් මේ ගැන පළපුරුද්දක් නැති කෙනෙක්ට මේක නිවැරදිව කරගන්නවා කියන එක ටිකක් සංකීරණ දෙයක් වෙන්න පුලුවන්. ඒ නිසා මේ ක්‍රියාවලිය ඉතාම සාධාරණ මුදලකට ඔයාට කරල දෙන්න අපිට පුලුවන්. ඒත් එක්කම ඔයාට නොමිලේම තව වටිනා දේවල් මේ සමග දෙන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නවා.

Man in a rocket
Man in a rocket

අපේ රට ගොඩනගන්න අලුතින් ව්‍යාපාර කරන්න ගොඩක් අය උනන්දු වෙන වෙලාවක රුපියල් 15,000 කට ක් වන අපගේ සේවා ගාස්තුව ඉතාම සීමිත කාලයකට අපි රුපියල් 9,500ක් වගේ ඉතාම සහනදායී මිලකට ඔයාට ලබා දෙනවා. එතකොට කිසිදු සැඟවුන ගාස්තුවකින් තොරව ඔයාලට සම්පූරණ කම්පනි රෙජිස්ට්‍රේශන් එක කරන්න වැයවෙන්නෙ රුපියල් 24,900ක් පමණයි. ඒ විතරක් නෙවෙයි ඒත් එක්කම අවුරුද්දක් සඳහා කම්පනි සෙකට්‍රි සේවාව වගේම ව්‍යාපාර උපදේශණ සැසියක් සහ පළවෙනි මාසය සඳහා බුක් කීපින් සේවාව අපේ කම්පනි රෙජිස්ට්‍රේශන් සේවාව සමගින් ඔයාලට නොමිලේම ලබා දෙනවා.

Basic
24,900 LKR

  • Name Approval
  • Articles Of Association
  • Form 1
  • Form 18
  • Form 19
  • Certified Form 1
  • Certified Articles Of Association
  • Free Company Secretary Services (1 year)
  • Company Incorporation Advice
  • Corporate Bank Account
  • Paper Notice and Gazette
  • Free 1st Month Bookkeeping
  • Tax Registration
  • Business Consultancy Session
  • Embosser Seal
  • Director Seal
  • Company Seal
Premium
30,900 LKR

  • Name Approval
  • Articles Of Association
  • Form 1
  • Form 18
  • Form 19
  • Certified Form 1
  • Certified Articles Of Association
  • Free Company Secretary Services (1 year)
  • Company Incorporation Advice
  • Corporate Bank Account
  • Paper Notice and Gazette
  • Free 1st Month Bookkeeping
  • Tax Registration
  • Business Consultancy Session
  • Embosser Seal
  • Director Seal
  • Company Seal

බිස්නස් කරනවා කියන්නේ ලියාපදිංචියකට ගොඩක් එහා ගිය දෙයක් ඉතින් ඔයාගේ ව්‍යාපාර ගමනේ ඔයත් එක්ක දිගටම රැඳිලා ඔයාගේ ව්‍යාපාරය උපරිම සාර්ථකත්වයට ගේන එක තමයි අපේ අරමුණ.ඒ සඳහා අපේ සුදුසුකම් ලත් ව්‍යාපාර උපදේශකවරු වගේම චාටඩ් එකවුන්ටන් ලාගෙන් සමන්විත අපේ කණ්ඩායම සැදී පැහැදී ඉන්නවා.ඒ නිසා දැන්ම අපිට කතා කරන්න, නැත්නම් පහල තියෙන බොත්තම ඔබලා ඔයාගේ බිස්නස් එක කම්පනි එකක් විදියට රෙජිස්ටර් කරන ක්‍රියාවලියේ පලවෙනි පියවරට යන්න!

දැන් ලියාපදිංචි කරන්න
Man in a rocket