ඔබේ ව්‍යාපාරය නව පිම්මක් කරා ගෙන යන්න

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටිනවාද? නැත්නම් ඔබ දැනට පවතින ව්‍යාපාරය වඩා සාර්ථක කර ගැනීමට කැමතිද? කැපී පෙනෙන සාර්ථකත්වයක් ළඟා කර ගැනීම සඳහා අපගේ විශේෂ ව්‍යාපාර කළමනාකරණ කුසලතා සමඟ අපි ඔබට උදව් කරමු!

ආරම්භ කරන්න
Business man

අපගේ සේවාවන්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උසස් තත්ත්වයේ එහෙත් දැරිය හැකි ව්‍යාපාර උපදේශන සේවා ඔබට ලබා දීමට අප විශිෂ්ට අත්දැකීම් සහ දැනුමෙන් සන්නද්ධව සිටින්නෙමු.

අපගේ පළපුරුදු සහ සුදුසුකම් ලත් වරලත් ගණකාධිකාරීවරුන් ඔබ සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට සැදී පැහැදී සිටින අතර ඔබේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආරම්භයේ සිට අවසානය දක්වා ඔබට උපකාරී වන්නෙමු

Business plan writing services icon

ව්‍යාපාර සැලසුම් කිරීමේ සේවා

ආයෝජකයින්ගෙන් හෝ ණය දෙන්නන්ගෙන් (බැංකු වැනි) ව්‍යාපාරය සඳහා ආයොජන මුදල් ලබා ගැනීමට හෝ ඔබේ සංකල්පය විශ්ලේශණය කිරීමට අපි ඔබේ ව්‍යාපාර සංකල්පය ආකර්ශනීය විධිමත් ව්‍යාපාර සැලැස්මක් (ව්‍යාපෘති වාර්තාවක්) බවට පත් කරන්නෙමු.

වැඩිදුර කියවන්න
Business plan writing services icon

ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචිය

අපි සියලු විධිමත් ක්‍රියාවලීන් හරහා ගොස් ඔබ වෙනුවෙන් සමාගමක් සංස්ථාගත කරන්නෙමු. අපි වසරක් සඳහා නොමිලේ සමාගම් ලේකම් සේවා සහ නොමිලේ ව්‍යාපාර කළමනාකරණ උපදේශන සැසියක් ද ලබා දෙන්නෙමු.

වැඩිදුර කියවන්න
Business plan writing services icon

ව්‍යාපාර උපදේශන සේවා

ඔබේ ව්‍යාපාරයේ විශේෂිත කරුණු හැසිරවීමට සහ ඔබේ ව්‍යාපාරගේ සීග්‍ර වර්ධනයක් අත් කර ගැනීම සඳහා ඔබට උදව් කිරීමට පුළුල් අත්දැකීම් ඇති වරලත් ගණකාධීකාරී වරුන්ගෙන් සැදුම්ලත් අපගේ කණ්ඩායම සැදී පැහැදී සිටියි.

වැඩිදුර කියවන්න

ගෙදර ඉඳන් වැඩ කරන්න ERP එකක් දා ගන්න

Business plan writing services icon

ගෙදර ඉඳන් වැඩ කරන්න විතරක්ම නෙවෙයි බිස්නස් එකේ ලාබ පාඩු බලාගන්න, ස්ටොක් මැනේජ් කරන්න, කස්ටමර්ලා සප්ලයර් ලා එක්ක හරියට සන්නිවේදනය කරන්න. වගේ ගොඩක් දේවල් ERP එකකින් කරන්න පුලුවන්. කොටින්ම කිවුවොත් බිස්නස් එකේ හැමදෙයක්ම හරියට වෙනවාද කියල ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි ඕනිම තැනක ඉඳන් බලාගන්න දැන්ම අපිට කතා කරන්න.

වැඩිදුර කියවන්න
Enlighten logo half

ඔබ Enlighten තෝරාගත යුත්තේ ඇයි?

Trophy Icon

අසමසම විශේෂඥ බව

ඔබට ඉතා උසස් උපදේශක කණ්ඩායමක් පිරිනැමීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සුදුසුකම් ලත් වරලත් ගණකාධිකාරීවරුන් වේ. ඔවුන්ට ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ව්‍යාපාරික පරිසරය තුළ ප්‍රමුඛ වෘත්තිකයන් ලෙස සනාථ කරන ලද පිළිගැනීමක් ඇති බවට සැකයක් නැත. අපගේ කණ්ඩායම ලෝකයේ විශාලතම විගණන ආයතන හතරෙන් එකක පසුබිමක් සහිත ව්‍යාපාර මූල්‍ය, ඩිජිටල් පරිවර්තනය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පසුබිම පිළිබඳව ද මනා දැනුමක් සහිත උපදේශන කණ්ඩායමක් වේ.

Trophy Icon

දැරිය හැකි මිල ගණන් යටතේ සේවා

අපගේ සේවා විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වේ. එම නිසා අප ඉතා සාධාරණ මිල ගණන් අය කරන්නෙමු. කෙසේ වෙතත්, අපගේ අද්විතීය වෘත්තිකයින්ගේ කණ්ඩායමට ඉතා උසස් සුදුසුකම් සහ හැකියාවන් සහිත බැවින් ව්‍යාපාරික ඔබට මෙය අගනා අවස්ථාවකි. නිර්මාණශීලී බව, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම, ගැටලු විසඳීම සහ අභියෝග භාර ගැනීමට ඇති ආශාව විසින් අප මෙහෙයවනු ලැබේ. එබැවින් මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට පසුබට නොවන්න.

Trophy Icon

ඵලදායී සේවාව

එන්ලයිට් ව්‍යාපාර උපදේශකයින් නිසි සැලසුමක් සහිතව සහ ක්‍රියාත්මක කිරීමට පහසු ආකාරයකින් අපගේ විසඳුම් ලබා දෙනු ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සමඟ ගනුදෙනු කිරීමේදී වසර දහයකට වැඩි පළපුරුද්දක් අප සතුව ඇති අතර, ඔබේ ව්‍යාපාරයට කිසිදු වටිනාකමක් එක් නොකරන අනවශ්‍ය තාක්ෂණික තොරතුරු වලින් ඔබව වෙහෙසට පත් නොකරන්නෙමු. ඒ වෙනුවට, අපි ඔබට ඔබේ ව්‍යාපාරයේ ශීග්‍ර වර්ධනයක් ලඟා කරගත හැකි අවස්ථා සරල, පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරමු.

Trophy Icon

රහස්‍යභාවයේ සහතිකය

සුදුසුකම් නොලත් ආධුනික පුද්ගලයින්ගේ ව්‍යාපාරික ආධාරක සේවා සහ ව්‍යාපාර උපදේශන සේවා රාශියක් පවතී. ඔවුන් බඳවා ගැනීමෙන් ඔබට මුදල් අහිමි වනවා පමණක් නොව, ඔබේ මෙහෙවර-තීරණාත්මක තොරතුරු තරඟකරුවන්ට සහ මහජනයාට කාන්දු වීමේ අවදානමකටද ලක්වේ. එහෙත් එන්ලයිට්, චර්යාධර්ම පද්ධතියක් මගින් පාලනය වන අව්‍යාජ වෘත්තීය පුද්ගලයින්ගෙන් සමන්විත වන අතර කිසි විටෙකත් ඔබේ තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට හෙළි නොකරනු ඇත.

Trophy Icon

Enlighten මූලික අගයන්

ව්‍යවසායකයින් යනු ආර්ථිකයේ ගාමක බලවේගය වන අතර ව්‍යවසායකත්වයට සහ ව්‍යාපාරවලට අපි ගරු කරමු. ව්‍යාපාර ආරම්භකයින්ට, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම් විශාල සමාගම් බවට පරිණාමය වීමට සහ ආර්ථික වර්ධනයේ සහ ජනතාවගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමට උදව් කිරීමෙන් රටේ සහ සමාජයේ වෙනසක් කිරීම අපගේ ඉලක්කයක් බවට පත් කර ඇත්තෙමු. එම නිසා අපගේ විශේෂඥ කණ්ඩායම ඔබ සමඟ සැබවින්ම හවුල්කරුවන් ලෙස වැඩ කිරීමට සහ ඉදිරි වසර ගණනාව තුළ ඔබේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමට කටයුතු කරනු ඇත.

Trophy Icon

මනසේ නිදහස

අප බාරගනු ලබන සියලුම සේවාවන් සහ ව්‍යාපාර වැඩිදියුණු කිරීම් ඵලදායීව හා කාර්යක්ෂමව ලබා දෙන බවට අපි සහතික වෙමු, එවිට ඔබට ඔබේ මනසේ නිදහස පවත්වා ගත හැකි අතර ඔබේ ව්‍යාපාරයේ වෙනත් කරුණු කෙරෙහි ඔබේ වටිනා කාලය යොමු කළ හැකිය.

Enlight logo half

ව්‍යාපාර උපදේශන සේවා භාවිතා කළ යුත්තේ ඇයි?

Unlock Icon

උපරිමයට ලඟාවන්න

එන්ලයිට් වැනි හොඳ ව්‍යාපාර උපදේශන සේවාවක් භාවිතා කිරීමෙන් ඔබට ඔබගේ ව්‍යාපාරයේ මුදල් සංසරණය වැඩිදියුණු කිරීම, ලාභ ඉපැයීමේ අවස්ථා හඳුනා ගැනීම සහ අවදානම් කළමනාකරණය වැනි ව්‍යාපාර වැඩිදියුණු කිරීම් ලබා ගත හැකි වනු ඇත. මෙමගින් ඔබේ ව්‍යාපාරය සෑම විටම එක් පියවරක් ඉදිරියෙන් තබා ගැනීම සිදු කළ හැකිවනු ඇත.

Unlock Icon

කාලය හා මුදල් ඉතිරි කරගන්න

තීරණ ගැනීමට පෙර ව්‍යාපාරයේ සෑම අංශයක් පිළිබඳවම පර්යේෂණ කිරීම කාලය හා වියදම් අධික ක්‍රියාවකි. හොඳ ව්‍යාපාර උපදේශකයෙකු ගේ සහාය ලබා ගැනීම ඔබේ තීරණ වල ගුණාත්මක භාවය ඉහල දැමීමට හේතුවනු ඇත.

Unlock Icon

අනුකූලතාවය සහතික කිරීම

ව්‍යාපාරික ලෝකය කෙතරම් සංකීර්ණ වී ඇත්ද යත් කුඩා ව්‍යාපාරයකට පවා අනුගමනය කිරීමට බොහෝ නියාමන අවශ්‍යතා ඇත. කුඩා ව්‍යාපාර සඳහා වඩාත්ම අදාළ නියාමන වන්නේ ව්‍යාපාර බදු සහ සමාගම් ලේකම් අවශ්‍යතා අනුව ක්‍රියා කිරීම වන අතර ඒ දෙකම අනුකූල නොවීම සඳහා දැඩි දඩ මුදල් නියම කරනු ඇත.

Unlock Icon

ව්‍යාපාර පරිසරයේ වෙනස් වීම්

ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ආර්ථිකයන් අඛණ්ඩව වෙනස් වෙමින් පවතින අතර වෙන කවරදාටත් වඩා වේගයෙන් ව්‍යාපාරවලට බලපෑම් ඇති කරයි. කාලය සහ විශේෂඥතාවයේ අවශ්‍යතාවය හේතුවෙන් කුඩා ව්‍යාපාර හිමියන්ට ආර්ථික තත්වයන් නිරීක්ෂණය කිරීම සහ අර්ථ නිරූපණය කිරීම අභියෝගයකි. අපගේ උපදේශනය පියවරෙන් පියවර අපේක්ෂා කරන වෙනස්කම් පිළිබඳව ඔබව දැනුවත් කරයි, ඔබව ආරක්ෂාකාරීව තබා ගනිමින් ලාභ උපයා ගැනීමේ අවස්ථාවන් ඔබට පෙන්වා දීමට අප කටයුතු කරමු.

ඔබ සාර්ථකත්වයට දුර එක් දුරකථන ඇමතුමක් පමණයි!

ව්‍යාපාර සිය ගණනක් තෘප්තිමත් කර පුළුල් අත්දැකීම් සහිත සේවාවන් දැරිය හැකි මිලකට ලබාගන්න. ඔබේ ව්‍යාපාරයේ නව සෞභාග්‍යමත් අවධිය අප සමග අදම අරඹන්න. දැන්ම අමතන්න!

+94 71 074 6268
Business lady