සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය සැබෑ කරගන්න!

ගොඩක් අයට බිස්නස් අයිඩියා තියෙනවා. ඒත් ඒක පටන් ගන්නෙ කොහොමද? ඒක හරියයිද කියල හිතා ගන්න අමාරුයි. ඔයත් මේ වගේ කෙනෙක් නම්, ඔයාට ඕනේ බිස්නස් ප්ලෑන් එකක්. ඔයගේ අදහස හරියට විශ්ලේෂණය කරලා අඩුපාඩු හදලා ඔයාට ඒ ව්‍යාපාරය විස්වාසයෙන් යුතුව පටන් ගන්න පුලුවන් විදියට බිස්නස් ප්ලෑන් එකක් හදල දෙන්න අපි සූදානම්.


    We'll never share your telephone
    number with anyone else.


    We'll never share your email with
    anyone else.

    Man in a rocket
    Man in a rocket

    ගොඩක් අය හිතන්නේ බිස්නස් ප්ලෑන් එකක් කියන්නෙ අනවශ්‍ය වියදමක් කියලා. ගොඩක් අය මේක දකින්නෙ බෑන්ක් ලෝන් එකක් ගන්න අවශ්‍ය වෙන දෙයක් විදියට විතරයි. හැබැයි බිස්නස් ප්ලෑන් එකක් කියන්නේ ඔයාගේ ව්‍යාපාරය සාර්ථකද අසාර්ථකද කියල තීරණය වෙන තීරණාත්මක සාධකයක්.

    හැම ව්‍යාපාරයක් පටන් ගද්දිම රිස්ක් එකක් තියෙනව. බිස්නස් අයිඩියා එක අපේ හිතේ තියෙන දෙයක් නේ, මේ හිතේ තියෙන දේ ඇත්ත ලෝකේ කොච්චර සාර්ථක වෙයිද කියන එක තමයි මේ රිස්ක් එක. ඉතින් මේ රිස්ක් එක අඩු කර ගන්නනම් අපිට බිස්නස් එක පටන් අරන් කරන් යන්න හොඳ සැලසුමක් ඕනි. බිස්නස් එක සාර්ථක කර ගන්නත්, ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්ණ කලින් අඳුරගෙන ඒවට ලෑස්ති වෙලා ඉන්නත්, බිස්නස් එකේ විවිධ පැති විශ්ලේෂණය කරන්නත් බිස්නස් ප්ලෑන් එකක් ගොඩක් වැදගත්.


      We'll never share your telephone
      number with anyone else.


      We'll never share your email with
      anyone else.

      සුප්‍රසිද්ධ ෆෝචූන් සඟරාවට අනුව අලුතින් පටන් ගන්න කුඩා ව්‍යාපාර සීයට අනූවක් පළවෙනි මාස දහ අට ඇතුලත අසාර්ථක වෙනවා. ඉතින් මෙහෙම අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන කාරණයක් තමයි හරි සැලසුමක් නොතිබීම. හිතල බලන්න ඔයා දන්න කී දෙනෙක් තමන්ගෙ ව්‍යාපාරය පටන් ගන්න කලින් බිස්නස් ප්ලෑන් එකක් හැදුවද කියලා?

      Man in a rocket
      Man in a rocket

      ඉතින් බිස්නස් එකේ එන්න පුලුවන් බාධක කලින්ම අඳුරගෙන ඒවාට සූදානම් වෙනව වගේම, බිස්නස් එකේ ෆයිනෑන්ස් පැත්ත, මාකටින් පැත්ත, ඔපරේශන් පැත්ත, වගේ වැදගත් පැති ගැන හොඳ අවධානයක් දෙන ගමන් ඒ පැතිවලට අදාල සැලසුම් හොඳින් සකස් කරගෙන අනාවැකි (Business Forecast) සමඟ බිස්නස් ප්ලෑන් එකක් එක්ක ඉදිරියට යන එකේ විශාල ප්‍රයෝජනයක් තියෙනවා.


        We'll never share your telephone
        number with anyone else.


        We'll never share your email with
        anyone else.

        බිස්නස් ප්ලෑන් එකක් ව්‍යාපාරයේ අරමුණු සපුරා ගන්න අවශ්‍ය හැම පැත්තක්ම දකිනවා. ව්‍යාපාරයේ ඇතුලත වගේම පිටත පරිසරයත් මේ මගින් විශ්ලේශණය වෙනවා. ඔයාට බිස්නස් ප්ලෑන් එක කියවලා තවත් අඩුපාඩු, ගැටලු තියෙනවනම් ඒවා හඳුනාගන්න පහසුවෙන්ම පුලුවන්.

        Man in a rocket
        Man in a rocket

        ඔයත් බෑන්ක් ලෝන් එකක් ගන්න හරි ඉන්වෙස්ටර් කෙනෙක් ආකර්ශණය කරගන්න හරි බිස්නස් ප්ලෑන් එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක පහසුවෙන් ටික වේලාවකින් කියවා ගන්න පුලුවන් වෙන විදියට හදන එක වැදගත්. මොකද ගොඩක් අයට කාලය කියන දේ හරිම සීමිතයි නේ. මේ විදියට ඔයාලගෙ අවශ්‍යතාවයට හරියටම ගැලපෙන්න බිස්නස් ප්ලෑන් එක හදලා දෙන්න අපිට පුලුවන්.

        මේ හැම බිස්නස් ප්ලෑන් එකක් ම හැදෙන්න වරලත් ගණකාධිකාරී වරයෙකුගේ අධීක්ෂණය යටතේ. ලංකාවෙ වගේම ලෝකෙත් ව්‍යාපාර අංශයේ ඉහලින්ම පිලිගත්ත සුදුසු කමක් නිසා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත සේවාවක් ඔයාලට ලබාගන්න පුලුවන්.

        Man in a rocket
        Man in a rocket

        අපේ එක අරමුණක් තමයි නව ව්‍යාපාර වලට අත දෙන එක. ඒ නිසා බිස්නස් ප්ලෑන් එක හදල දීල ඔයා ව්‍යාපාරයේ වැඩ කරගෙන යනකොට හොයල බලන්නත් ඒ වගේම නොමිලේ උපදේශන සැසියක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ නිසා ඔයාගේ ව්‍යාපාර අදහසත් සාර්ථක වීමේ හැකියාව වැඩි කරගන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.


          We'll never share your telephone
          number with anyone else.


          We'll never share your email with
          anyone else.