ඔයගේ බිස්නස් එකත් Supercharge කරන්න
ඔයාගේ බිස්නස් එකත් වැටිලද? ප්‍රොෆිට් අඩුවෙලා ද? මොනවා කරන්නද කියල හිතාගන්න බැරිද? කෑශ් හිරවෙලාද? ඇඩ්මිනිස්ට්‍රේශන් වැඩ ගොඩගැහිලද? එහෙනම් මෙන්න ඔයාට හොඳ නිවුස් එකක්. අපිට ඒ ඔක්කොම විසඳන්න පුලුවන්!
ඔයාගේ බිස්නස් එකත් වැටිලද? ප්‍රොෆිට් අඩුවෙලා ද? මොනවා කරන්නද කියල හිතාගන්න බැරිද? කෑශ් හිරවෙලාද? ඇඩ්මිනිස්ට්‍රේශන් වැඩ ගොඩගැහිලද? එහෙනම් මෙන්න ඔයාට හොඳ නිවුස් එකක්. අපිට ඒ ඔක්කොම විසඳන්න පුලුවන්!
ඕනෙම බිස්නස් එකක් පටන් අරන් ටිකක් කල් යනකොට බිස්නස් එක ටික ටික වෙනස් වෙනවා. ඒ වගේම බිස්නස් එකෙන් බාහිර තියෙන දේවලුත් වෙනස් වෙනවා. ඒ කියන්නෙ ටෙක්නොලොජි, කස්ටමර්ස් ලගෙ අවශ්‍යතා වගේ ගොඩක් ඒවා. අන්න ඒ නිසා බිස්නස් එක මුලින් පටන් ගද්දී තිබුන බිස්නස් ප්‍රොසෙසස්, බිස්නස් ස්ට්‍රක්චර් එක ටික කාලයක් යද්දී කල් ඉකුත් වෙනවා. මේ දේවල් අඳුරගන්න පුරුදු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට අමාරුයි. විශේෂයෙන්ම බිස්නස් එකට සම්බන්ධ අයට මොකද ඒ අයට ඒ දේවල් සාමාන්‍ය වෙලා නිසා වෙනස් වෙන්න අවශ්‍ය දේවල් පේනවා අඩුයි. හැබැයි මේ දේවල් ඉක්මනින් නිවැරදි කලේ නැත්නම් බිස්නස් එකට ලොකු බලපෑමක් වෙන්න පුලුවන්.
ඉතින් එහෙම බැලුවම බිස්නසුත් මිනිස්සු වගේ ලෙඩ වෙනවා. මිනිස්සුන්ට දොස්තරලා ප්‍රතිකාර කරනවා වගේ බිස්නස් වලට ප්‍රතිකාර කරන්නේ බිස්නස් කන්සල්ටන්ට්ලා. ඒ ගොල්ලෝ බිස්නස් එක ඇනලයිස් කරලා ලෙඩ වුන බිස්නස් ගොඩ ගන්නත්, අනිත් බිස්නස් අනාගතේ ලෙඩ නොවී තියෙන්නත් අවශ්‍ය උපදෙස් දෙනවා.
ඒ නිසා අපි නිතර හෙල්ත් චෙකප් කරනවා වගේ, බිස්නස් කන්සල්ටන්ට් කෙනෙක්ගේ සහාය කාලෙන් කාලෙට ගන්න එක බිස්නස් එකේ සාර්ථකත්වයට ගොඩක් බලපානවා.
ඔයා දැකල තියෙනවද පොඩි බිස්නස් කරන අය බිස්නස් කන්සල්ටන්ට් කෙනෙක්ගේ සර්විස් එක ගන්නවා? හරිම අඩුයි නේද? ඒත් ඔයාට ලොකු කම්පනීස් වල අත්දැකීම් තියෙනවනම් දන්නවා ලොකු බිස්නස් කරන අය නිතරම මේ සේවාවන් ගන්නවා. ඒක එයාලගේ සාර්ථකත්වයේ එක රහසක්. ඒ ගොල්ලෝ නිතරම අලුත් බිස්නස් ප්‍රොසෙසස්, අලුත් මාකට්ස්, අලුත් අයිඩියාස් ගැන උපදෙස් අරන් බිස්නස් එක උපරිම මට්ටමේ තියාගන්න හදනවා.
ඉතින් ගොඩක් කුඩා සහ මධ්‍යම ව්‍යාපාර කරන අය හිතන්නේ බිස්නස් කන්සල්ටන්සි කියන්නේ අනවශ්‍ය වියදමක් කියලා. ඒක නිසා එයාලාට තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න තියෙන අවස්ථා මගහැරෙන වෙලාවල් ගොඩක් තියෙනවා. පොඩ්ඩක් හොයල බැලුවොත් ඔයාටම තේරෙයි ගොඩක් රීසර්ච් වලින් ඔප්පු කරලා තියෙන විදියට බිස්නස් කන්සල්ටන්සි වලින් ව්‍යාපාර වලට ලොකු හොඳ බලපෑමක් තියෙනවා. ඉතින් අපේ ඉහලම සුදුසුකම් සහ අත්දැකීම් තියෙන කණ්ඩායමට පුලුවන් ඔයාට හොඳම සේවාවක් දෙන්න.
අද වෙනකොට බිස්නස් කරන එක ඉස්සර වගේ නෙවෙයි ගොඩක් සංකීරණ වෙලා තියෙනවා විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බිස්නස් වලට මේක නිසා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් හොඳම ඔඩිට් ෆර්ම් වල අත්දැකීම් තියෙන චාටඩ් එකවුන්ටන්ට් ලගෙන් සමන්විත අපේ කණ්ඩායම ඔයාට හොඳටම ගැලපෙනවා.
කුඩා ව්‍යාපාර වලට ලොකු බිස්නස් වලට වගේ මේකට ලොකු ගාණක් වියදම් කරන්න බැරි බව අපි දන්නවා. ඒ නිසා අපේ චාජස් අපි හරිම සාධාරණ මට්ටමක තියාගන්න හැමවෙලේම උත්සාහ කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාර හිමියන්ව දිරිමත් කරල ඔවුන් ලොකු ව්‍යාපාර හිමියන් බවට පත් කිරීමත් අපේ එක අරමුණක් වෙන්නේ ඔයාගේ සාර්ථකත්වය අපිව දිරිමත් කරන නිසා.
ඔයාගේ ව්‍යාපාරය ගැන පහල තියෙන බට්න් එක ක්ලික් කරලා අපිට කියන්න. අපි ඔයා එක්ක කතා කරලා බිස්නස් එක ස්ටඩී කරලා ඔයාගේ බිස්නස් එකේ හැදෙන්න ඕනේ දේවල් සහ තව ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න කරන්න අවශ්‍ය දේවල් ඇතුලත් සම්පූරණ රිපෝට් එකක් සහ උපදෙස් අපි ලබා දෙනවා. ඒ වගේම හරිම සීමිත කාලයකට සීයට දහයක වට්ටමක් ලබා දෙන්න අපි තීරණය කළා. ඒ නිසා ඔයාගෙ බිස්නස් එකත් නිරෝගී බිස්නස් එකක් කරගන්න පරක්කු වෙන්න එපා!