බිස්නස් ප්ලෑන් එකක් හදන්න
සල්ලි නාස්ති කරන්නේ ඇයි?
ගොඩක් අය හිතන්නේ බිස්නස් ප්ලෑන් එකක් කියන්නෙ අනවශ්‍ය වියදමක් කියලා. ගොඩක් අය මේක දකින්නෙ බෑන්ක් ලෝන් එකක් ගන්න අවශ්‍ය වෙන දෙයක් විදියට විතරයි. හැබැයි බිස්නස් ප්ලෑන් එකක් කියන්නේ ඔයාගේ ව්‍යාපාරය සාර්ථකද අසාර්ථකද කියල තීරණය වෙන තීරණාත්මක සාධකයක්.
හැම ව්‍යාපාරයක් පටන් ගද්දිම රිස්ක් එකක් තියෙනව. බිස්නස් අයිඩියා එක අපේ හිතේ තියෙන දෙයක් නේ, මේ හිතේ තියෙන දේ ඇත්ත ලෝකේ කොච්චර සාර්ථක වෙයිද කියන එක තමයි මේ රිස්ක් එක. ඉතින් මේ රිස්ක් එක අඩු කර ගන්නනම් අපිට බිස්නස් එක පටන් අරන් කරන් යන්න හොඳ සැලසුමක් ඕනි. බිස්නස් එක සාර්ථක කර ගන්නත්, ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්ණ කලින් අඳුරගෙන ඒවට ලෑස්ති වෙලා ඉන්නත්, බිස්නස් එකේ විවිධ පැති විශ්ලේෂණය කරන්නත් බිස්නස් ප්ලෑන් එකක් ගොඩක් වැදගත්.